වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් 17දෙනෙකුට කොවිඩ්

ජූලි 28, 2021

    වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් 17 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

    වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ,එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගත් බවයි.

    කාන්තා නිලධාරීනියන් හතර දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම නිසා ඊයේ (27) වැල්ලවාය මූලික රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇත. එහිදී එම නිලධාරිනියන් හතර දෙනාම කොවිඩ් ආසාදිත බවට අනාවරණය දී තිබේ.

    අනතුරුව අද දින වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල නෑදෑයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 96ක් සිදුකර ඇති අතර ඒ අනුව විසි දෙනෙක් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

    වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය එස්.එච් පියසුමන මහතා ප්‍රකාශ කළේ, ඉන් දහතුන් දෙනෙකු වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් වන අතර අනෙක් හත් දෙනා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බවයි.

    අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දහතුන්දෙනා ද සමඟ වැල්ලවාය පොලිස් ස්ථානයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 17ක්.

    Latest News