ඇල්ලවල ඇල්ල නැරඹීමට සංචාරකයන් පැමීණීම අත්හිටුවෙයි

ඔක් 22, 2021

    වැල්ලවාය, වැලිආර ප්‍රදේශයේ ඇල්ලවල ඇල්ල නැරඹීම සදහා සංචාරකයන් පැමිණිම තාවකාලිකව අත්හිටුවෙයි.

    එම ඇල්ල නැරඹීමට පැමිණ දියනෑමට ගිය කිහිප දෙනෙකු පසුගිය කාලයේ දියේ ගිලිී මියයාම හේතුවෙන් එම තීරණය ගත් බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. ඩී. හරමානිස් මහතා කියයි.

    ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක වැඩසටහන් යටතේ ආරක්‍ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇල්ල යළිත් සංචාරකයන්ට විවෘත කරන බව ඔහු සදහන් කරයි. ප්‍රදේශයේ පවතින රමණීය ස්ථානයක් වන ඇල්ලවල දියඇල්ල නැරඹීමට දෛනිකව සංචාරකයෝ පැමිණෙති. එහි පවතින අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් පසුගිය බදාදා එකම පවුලේ තිදෙනෙක් එහිදී දියේ ගිලී මිය ගියහ.

    Latest News