කිරිදි ඔය අසළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී

ඔක් 04, 2021

    වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මහවෙලමුල්ල ප්‍රදේශයේ කිරිදි ඔය අසළ ගසක් මුල තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.


    ලද තොරතුරක් අනුව මෙම ජීව අත්බෝම්බය සොයාගෙන ඇති අතර කිසියම් පුද්ගලයකු මෙම බෝම්බය මෙම ස්ථානයේ සගවා තබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.
    වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් අධිකරණ නියෝගයක් අනුව පස්සර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම බෝම්බය එම ස්ථානයේ දීම නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.‍

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

    Latest News