කෝටිපති ව්‍යාපාරික ඝාතන සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

ඔක් 01, 2021

    දැනට වසර හතරකට පමණ ඉහත දී ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ පුත්‍රයා තවදුරටත් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු සාක්ෂිකරු වශයෙන් ඉදිරිපත් නොකොට සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර ඉල්ලීම් කර තිබූ අතර ඊට අදාළව මීළඟ දින කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණා.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා.

    අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    Latest News