පාර්ලිමේන්තු සකසුරුවම් සමිතියෙ මුදල් සාවද්‍ය පරිහරණය කළ තිදෙනෙකුට නඩු

දෙසැ 07, 2021

    වසර දෙකක කාල සීමාව තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සකසුරුවම් සමිතියට අයත් රුපියල් ලක්ෂ 48 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් තුන්දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.


    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී අදාළ නඩු දෙකේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින අයට අධිචෝදනා භාරදීම සිදු කෙරුණා.

    ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය 10 බැගින් ශරීර ඇප 4 ක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.

    අනතුරුව නඩුව අප්‍රේල් මස 7 වනදා කැඳවීමට නියම වුණා.

    2010 වසරේ ජනවාරි මස පළමුවනදා සහ 2011 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සකසුරුවම් සමිතියට අයත් රුපියල් ලක්ෂ 48 කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව නඩු පවරා තිබුණ.

    එම නඩුවේ සාක්ෂි වශයෙන් ලේඛන 06 ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු නම් කර තිබෙනවා.

    Latest News