බුද්ධිමය දේපොල පනතින් කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතවීමක්

අගෝ 20, 2019

    බුද්ධිමය දේපළ පනත යටතේ නියෝගයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විද්‍යා,තාක්ෂණ හ පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා......

    ප්‍රකාශ හිමිකම් නීති පිළිබඳව මෙම රෙගුලාසි ඉදිරිපත් වන්නේ. අපේ රටේ සිටින සංගීත වේදීන්ට ගායකයින්ට රචකයින්ට ඉතා වැදගත් රෙගුලාසියක් ඉදිරිපත් කරන්නේ. ප්‍රකාශන හිමිකමට නීති පනවා තිබෙනවා. ප්‍රායෝගිකව කර්තෘභාග අයකිරීමට අපෝසත් වී තිබෙනවා. නීතිය සම්බන්ධයෙන් දැනුම නොමැතිකමත් තනිව සටන් කිරීමට කලාකරුවන්ට මූල්‍යමය ශක්තිය නැතිකමත් මෙයට බලපා තිබෙනවා.

    මෙම අයිතිවාසිකම් රැකගැනීම සඳහා සංවිධාන දෙකක් ඇති වී තිබෙනවා. ඒ ආයතන කලාකරුවන්ගේ කර්තෘභාගය වෙනුවෙන් කටයුතු කරනවා. එය අයකරගැනීමට උදව් කරනවා. ඉදිරියේ දී නීතිය පිළිබඳ දැනුවත් වෙද්දි තව සංගම් කීපයක් ඇති කරගන්න පුළුවන්.

    මෙය හොඳ ආරම්භයක්. සියලු කලාකරුවන්ට නිර්මාණයට යම් අයිතියක් ලබාගැනීමට අවස්ථාව උදා වෙනවා. ඉදිරියේ දී කලාකරුවන් සියලු දෙනාටම දැනුවත් කිරීම කර, අදායම ලබාගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    Latest News