හිට්ලර් සහ ඉඩී අමීන් තනියෙන් ඉන්නකොට බියගුල්ලෝ: බලය ලැබිමෙන් පසු මිනිමරුවන් වුනේ

ඔක් 17, 2019

    හිට්ලර් සහ ඉඩී අමීන් තනියෙන් ඉන්නකොට බියගුල්ලෝ බවත් බලය ලැබිමෙන් පසු ඔවුන් ක්‍රියාත්මක වු බව කැබිනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

    අද (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

     සුජීව සේනසිංහ මහතා මෙහි දී කියා සිටියේ,

    සත්‍ය කවදා හෝ එලිවෙනවා, පසුගිය දවස්වල එතුමා ගැන අපිත් හිතන් හිටියේ හොද වියතෙක් කියලා, වියත් මගේ කොළ බලාගෙන කිව්වට මාධ්‍යට ආවම ගොලු වෙනවා. මේ අය තනියෙන් බිය ගුල්ලො, හිට්ලර් - ඉඩී අමීන් ලා තනියෙන් ඉන්නකොට බියගුල්ලෝ, බලය ලැබුණම තමා ක්‍රියාත්මක වෙන්නෙ. මොවුන් උත්සාහ කරන්නේ මිලටරි පාලයකට.

    හොරු මංකොල්ල කාරයෝ නැවත බලයට කටයුතු නොකරන ලෙසත්. ඔවුන්ගේ පාලන කාලය තුළ කී දෙවල් නැවත මත් කර ගන්න ලෙසත් අවධාරණය කළා. රාජපක්ෂ පාලන කාලයේ මිහින් ලංකා සමාගමේ ප්‍රධානියෙක් ලෙස ගෝඨාභය රාජප්කෂ කටයුතු කළා. මිහින් ලංකා පාඩුව බිලියන 50ක්.

    ලසන්තට ඌරෝ මරණ උලකින් ඇනල තමයි මැරුවේ. මාධ්‍යවේදීන් වශයෙන් ඔබට තිබෙන අවධානම තේරුම් ගන්න‍ෙ. හිට්ලර්ලා, ඉඩී අමීන්ලා කරපු දේවල් මතක් කරගන්න, ගෝඨාභයලා කළ කී දේවල් මේ තරුණ පරපුර දන්නෙ නැහැ.

    පා.ම. නලින් බණ්ඩර මන්ත්‍රීවරයා විසින් පසුගිය දිනක බදු අඩුකිරීමක් ගැන ගොඨාභය සිදු කළ ප්‍රකාශයක් ගැන මාධ්‍ය හමුවේදී අදහස් පළ කලේය.

    වැට් බද්ද සහ උපයනවිට ගෙවන බද්ද ගෝඨාභය කියන අකාරයට අඩු කළොත් මෙරට රජයේ සේවකයන්ගේ පඩි, සමෘධිය වැනි සහනාධාරවලට අවශ්‍ය අරමුදල් කොහොමද හෝයන්නේ කියලා පැහැදිලි කීරීමක් මැතිවරණයට පෙර සිදු කළ යුතු වෙනවා. මේ ආකරයේ විශාල බදු ආදායමක් අහමිවීම කොහොමද සම්පූර්ණ කරන ගන්නේ කොහොම ද කියන එක දැන ගන්න අවශ්‍යයි.

    එහි දී විශේෂයෙන්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවෙදී මුහුණ දුන් අකරතැබ්බටයන් රසක් හෙලිදරව් කළේය. විශේෂයෙන්, මාධ්‍යට මුහුණ දීමට නොහැකිව සිට අවසානයේ, පිරිවරකුත් සමග පැමිණ මාධ්‍ය ඇසු ප්‍රශ්නවලට පිළිතරු ලබාදීමට නොහැකිවීම සහ මගහැරීම වෙන අයගේ පිළිසරණ පැතීම ගැන පෙන්වා දුන්නේය.

     

    Latest News