සංස්කෘතික ආරමුද ගසා කැවෙ නැහැ..... අවශ්‍ය නම් වැලිකඩට යවන්න... ඇමති සජිත් (වීඩියෝ)

සැප් 04, 2019

    කිසිදු අරමුදලක් පුද්ගලයකුගේ, පෞද්ගලික ආයතනයක හෝ වෙනත් ආයතනයක සුබ සිද්ධිය උදෙසා පාවිච්චි කර නොමැති බවත් දහම් පාසල් ශාලා දහසක් මේ වසරේ ඉදිකර අවසන් කිරීම ඉලක්කය බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක මහතා යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට පිළිතුරු කතාව කරමිනි.

    රුපියල් මිලියන 1598ක අරමුදල් අපි භාවිතා කර තිබෙනවා. එසේ අරමුදලින් මුදල් ලබා ගැනීමට සිදු වුණේ පාස්කු ප්‍රහාරය නිසා එම ලැබූ ආදයම පහළ වැටීම තුළයි. කිසිදු අරමුදලක් පුද්ගලයකුගේ පෞද්ගලික ආයතනයක හෝ වෙනත් ආයතනයක සුබ සිද්ධිය උදෙසා පාවිච්චි කර නෑ. අපි ආරම්භ කර තිබෙනවා සිසු දහම් සේවන කියලා වැඩසටහනක්. ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනට සමගාමීව ලක්ෂ 30ක් එක දහම්පාසලට වැය කරලා දම්පාසල් ශාලා 361ක් ඉදිවෙමින් පවතිනවා.

    එය වැරදි වන්නේ කොහොමද? ආරම්භ කර තිබෙනවා විශේෂ ව්‍යාපෘති. හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ 785ක ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. අභයගිරි ව්‍යාපෘතිය වෙනුවෙන් ලක්ෂ 490ක් වටිනා ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. මහාවිහාර ව්‍යාපෘතිය යටතේ, මිරිස වැටිය, ථූපාරමය, මිහින්තලේ, ව්‍යාපෘති 11ට විතරක් මිලියන 384ක් වෙන් කර තිබෙනවා. සීගිරි ව්‍යාපෘතියට ලක්ෂ 102ක්. මහනුවර ව්‍යාපෘතියට ලක්ෂ 1161ක්. මම උදේ අවධිවෙන්නේ වැඩක් කරන්න. පොළොන්නරු ව්‍යාපෘතිය ලක්ෂ 83ක්. කූරගල ව්‍යාපෘතියට ලක්ෂ 655ක්. බදුල්ල ව්‍යාපෘතියට ලක්ෂ 110ක්. කෑගල්ල ව්‍යාපෘතියට ලක්ෂ 62ක්, යාපහුව ව්‍යාපෘතියට ලක්ෂ 68ක්, මඩකළපුව ව්‍යාපෘතිය ගිලන් හලට ලක්ෂ 80ක්. මෙයයි මගේ බෞද්ධකම. මම වොයිස්කට් බෞද්ධයෙක් නොවේ. මේ වසරේ දහම් පාසල් ශාලා දහසක් ඉදිකිරීම ඉලක්කයි. 1125ක් චෛත්‍ය රාජයණන්වහන්සේලා වසරක් තුළ හදනවා.

    මේ ඔක්කොම කරන්නේ ආවරණ අනුමැතියට යටත්වයි. කාගේ හරි ලණුවක් කාලා මේ යෝජනාව ගෙනවිත් තියෙන්නේ. කිසිම හිතවතෙකුට මුදල් ලියන්නේ නෑ. සෑම චෙක් එකක් ම ලියන්නේ ප්‍රාදේශීය ලේකම්ගේ නමටයි. දීඝවාපිය චෛත්‍ය අපි දැන් ගොඩනගනවා. මිලියන 852ක් වැය කෙරෙනවා. අපි වැඩ පටන් ගෙන තිබෙනවා.

    පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ පල්ලි තුනම හදනවා. ඉදි කරන්නේ, යුද හමුදාව සහ නාවික හමුදාවයි. එය වැරදිද? තලවිල දේවස්ථානයේ ලක්ෂ 500ක ව්‍යාපෘතියක් කරනවා. මඩු දේවස්ථානයේ විශාල ව්‍යාපෘතියක් කරනවා. වැරදි ආකාරයට සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳ වැරදි අර්ථකතනය කරනවා. 24 පැයම මඩ ගහනවා. කැබිනට් පත්‍රිකාවක් හරහා සියලු ව්‍යාපෘති රජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කරන්න අනුමැතිය ගත්තා. මේ තුළින් රජ්‍ය ආයතන ශක්තිමත් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු සුළුතරයක් නිසා හානියට පත් ඉස්ලමීය දේවස්ථානකටම දිසාපති තක්සේරුව අනුව උදව් කළා. මේ මුදල් කොහෙවත් ගිහින් නෑ. ගිහින් බලන්න පන්සල් පද්ධතියක් ම. කැප කරන හැම ශතයක් ම රුපියලක් ම සම්බුද්ධ ශාසන්යේ චිරස්ථිතිය උදෙසා අනෙකුත් ආගම්වල සුබ සිද්ධිය උදෙසා වැය කර තිබෙනවා. කිසිදු වන්චාවක් සිදුව නෑ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 20:21

    Latest News