ජාතිවාදය වපුරන නිර්ලජ්ජිත දේශපාලනය කරන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

ඔක් 30, 2019

    ගෝඨාභය පාර්ශවය මෙන් ජාතිවාදය අවුස්සමින් එය අලෙවිකරමින් පහත් දේශපාලනයක් නොකරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) මහරගම පැවති රැළියකට එක්වෙමිනි.

    එහිදි අදහස් දැක්වු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ...

    “මහින්ද රාජපක්ෂට රටේ පාලනය ලබා දෙද්දි බිලියන දෙදහක් ණය පැවතුනා. රාජපක්ෂ පාලනය ත්‍රිලියන අටක (බිලියන අටදාහක )ණයක් අපේ රජයට භාරදුන්නා.ඔවුන් රටේ දේපල නාස්තිකරලා හම්බන්තොටවරයා, මත්තල ගුවන් තොටුපලෙන් ආදායම් නැහැ. ඒ ව්‍යාපෘති හැදුවේ කොමිස් මුදල් වලට. මෙහෙම තමයි සංවර්ධනය වුණේ. ලංකන් එයාර්ලයින්ස් හි පාඩුව බිලියන 450යි. මිහින් එයාර් හි පාඩුව මිලියන සීයයි. චෝගම් එකේ බිලියන අසුවයි. මිග් යානා ගණුදෙනුවේ ඩොලර් මිලියන 7ක් එක යානයකට අප ගෙව්වා. ඒ ගැන ලියන්න ගිය ලසන්තව ඌරෝ මරන උලකින් ඇනලා මරලා දැම්මා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසින් ඉන්දෙද්දි රටේ තිබ්බේ මරන. අදත් ගෝඨාගෙන් ප්‍රශ්න අහන්න බයයි. හිට්ලර්, ගඩාබි වැනි පාලකයනුත් ජාතිවාදය ලාබෙට අලෙවි කළා. දැන් සිදුවෙන්නෙත් එවැන්නක්.

    ඇගේ ලේ මස් නහර තිබෙන පොලිසියේ හමුදාවේ මහත්තයෙක් නම් රාජපක්ෂලාට ඡන්දය භාවිතා කර රට පාවාදෙන්නේ නැහැ. ඔවුන් ඒ කාලේ සිදුවු දේවල් දන්නවා. අපි මේ රටට ආදරේයි. ඒ නිසා සිංහල බෞද්ධකම ඇති කරන්න, සාමය රටතුළ ඇති කරන්න අපි කටයුතු කරනවා. අපි රටට ආදරේ නිසා අපි සාමය ගැන කතා කරන්නේ.ජාතිවාදය අවුස්සන්න ,එය අලෙවිකරන්න ලේසි. අපි එවැනි පහත් දේශපාලනයක් කරන්නේ නැහැ. ආකර්ෂණය නොවුණත් හරි දේවල් අපි නිතරම සිදුකළා. මාධ්‍යට, රාජ්‍ය සේවයට,මහජනතාවට දුන් නිදහස බලන්න. එය රාජපක්ෂ පාලනයක් තුළ ලැබෙන්නේ නැහැ.”යනුවෙන් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 30 ඔක්තෝබර් 2019 19:51

    Latest News