කාරක සභා සඳහා සාමාජිකයින් නම් කිරීම අඟහරුවාදා

ජන 28, 2020

    අහෝසි වූ කාරක සඳභා සභා සමාජිකයින් නම් කිරීම ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතව තිබේ.

    මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ වෙත ඒ සඳහා සමාජික මන්ත්‍රීවරුන් යොජනා කරන ලෙස දැනුම් දී ඇති බව පැවසේ.

    අදාළ මන්ත්‍රවරුන්ගේ නම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම කාරක සභා රැස්විමට නියමිතයි.

    කාරක සභාවල පළමු රැස්විමේදී ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇති.

    පසුගිය දෙසැම්බර් 3 වැනි දින පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10ක් අහෝසි විය.

    Latest News