ඉදිරි දින 44 තුල දේශපාලන කරලියේ විශාල පෙරලියක් (විඩියෝ)

අගෝ 19, 2019
  • ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශාපාලන කරලියේ විශාල පෙරලියක් ඇති විමට ඉඩ ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසිය.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තේතනකොන් මහතා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන නගරයේ නායයමට ලක් වු සහ නායයමේ අවධානමක් හේතුවෙන් ඉවත් කර ඇති වෙලදසැල් හිමියන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලිමට අද (19) ගිනිගත්හේන නගරයේ සිදු කල සංචාරයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු කිර්ති තෙන්නකොන් මහතා.......

    අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජනාධිපති අපෙක්ෂකයෝ, ජනාධිපතිරණය තවම ප්‍රකාශයට පත් වෙලා නැ , අඩුම තරමේ අද ඉදන් දින 44 තියෙනවා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ තත්ත්වය දක්වා. මේ අතුරතර තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපේ දේශපාලන ඉවට මේ වනකොට පේනවා. පලාත් සභ මැතිවරණය ඉස්සෙල්ලා අවොත් පුදුම වෙන්න අවශ්‍යතාවයක් නැ. අද මධ්‍යම පලාත් සභාව අවුරුද්දකට අධික කාලයක් අකර්මන්‍යය වෙලා තියෙනවා විධිමත් මහජන නියෝජතයන්ගේ පාලනයක් නොමැතිව.

    තවත් පලාත් සභා දෙකක් අවුරුදු දෙකකට වැඩි කාලයක් මෙහෙම අකර්මන්‍යයවෙලා තියෙනවා. පලාත් සභා මැතිවරණය තමයි අද ප්‍රමාදයට පත් වෙලා තියෙන මැතිවරණය. ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා තියෙනවා මේ පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් 23 , 24 , අපි 26 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ පිලිබදව ලැබෙයි කියා විශ්වාස කරනවා. පලාත් සභා ඡන්දය මුලින්ම ආවොත් පුදුමයට පත් වෙන්න එපා.

    පලාත් සභා ඡන්දය එනව නම් එ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධුර කාලය කවද්ද පටන් ගන්නේ, කවද්ද අවසන් වෙන්නේ කියන එක. එක පිලිබදව නිශ්චිත හැගිමක් අධිකරණ ක්ෂෙත්‍රයේ, නිති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන කොට නැ.

    මේ දවස් 44 තුල ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට දේශපාලනයේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. අපි නොහිතන අපේක්ෂකයෝ එන්න පුළුවන්. බොහෝ අපේක්ෂකයෝ කියලා කියා ගත්ත අය අවුරුදු 2, 3 දැන් ඉන්නවද කියලා හොයා ගන්නත් නැ. දේශපාලනයේ දවස් 44 ගැන, ජනධිපතිවරණයක් ගැන පුර්ව කථනයක් කරන්න කාටවත් බැ එක තමයි අපගේ දේශපාලන දැනුම යනුවෙන්“ ඔහු පැවසිය.

     

    Latest News