මංගලගේ දේශපාලන දිවියට හෙට වසර 30ක්

පෙබ 27, 2019

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට පැවැත්වේ.

    එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

    වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වී ආ මංගල සමරවීර මහතා එදා මෙදාතුර ඇමැති ධුර ගණනාවක් දරමින් මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

    ගම්දනව්වේ ජනී ජනයාගේ සිට රාජරාජ මහාමාත්‍යාදීන් දක්වා එක සේ ලෙන්ගතුව සමීපව කටයුතු කරන මංගල සමරවීර මහතා තම දේශපාලන ජීවිතයේ වැදගත්ම සමරුවකදී එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැමැන්තා පවර් මහත්මිය තෝරාගනු ලැබුවේ දෙදෙනා අතර රාජ්‍යතාන්ත්‍රිකව හා පෞද්ගලිකවත් පවතින දැඩි මිතුරුදම නිසාවෙනි.

    මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් "ඛේමාගේ කොලුවා"නමින් සංවිධානය කොට ඇත.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 09:03

    Latest News