රිටිගල රක්ෂිතයේ දැව ජාවාරමක් එළියට

අගෝ 19, 2019

    රිටිගල රක්ෂිතයේ ඇති වටිනා ගස්වර්ග කපා දැව බවට පත් කොට, ශීතකරණ සහිත වාහනවලින් මස් මාංශ ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප්‍රවාහනය කළ මහා පරිමාණ දැව ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.

    ඒ දඹුල්ල පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් ඊයේ සවස සෝදිසියකදී. කැකිරාව මාන්කඩවල ප්‍රදේශයේ පැය ගණනාවක් රැක සිටි විශේෂ කාර්ය බලකාය ශීතකරණ සහිත ලොරියක් තුළ තිබියදීයි මෙම දැවකඳන් සොයා ගැනුණේ.

    රිටිගල රක්ෂිතයේ කැටකෑල, බුරුත,හල්මිල්ල,දඹ,පලු ආදී ගස් කපා මෙලෙස කලක සිට ප්‍රවාහනය කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

     

    Latest News