ජනපතිවරණය ගැන නොසිතා ජනතා සේවය කරන්න..... මධ්‍යම ආණ්ඩුකාර

සැප් 23, 2019

    ජනාධිපතිවරණයේ දිනන අපෙක්ෂකයා ගැන කතා නොකර ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මැතිවරණ සමයේ සේවය කරන ලෙස පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලා සිටියි.

    ජාතික දේශපාලනය පිලිබදව අවධානය යොමු නොකට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මැතිවරණ උපරිම සේවයක් සිදු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ඔහු තවදුරටත් ඉල්ලා සියියේය.

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාලන ආයතන නියෝජිතයන් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කැලි කසල ප්‍රතිචක්‍රිකරණයේ දි නගර සභා සහ ප්‍රාදේශිය සභා නියෝජිතයන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදි ඔහු මේ බව පැවසිය.

    මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා........

    “පවතින මැතිවරණ ක්‍රමය මත පලාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් පවතිනව. එම මැතිවරණ ක්‍රමය වෙනස් කර පලාත් සභා මැතිවරණයක් පැවැත්විමට තවත් දිගු කාලයක් ගත වනවා. පලාත් සභා මැතිවරණයක් යලිත් පවත්වන තෙක් පලාත් පලාන ආයතන නියෝජිතයන්ට විශාල වගකිමක් ඇති බවත්, එම වගකිම නිසි ලෙස ඉටු කරන ලෙස“ මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා පලාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ.

    හැටන් දික්ඔය නගර සභාව, මස්කෙලිය, නොර්වුඩ්, ආගරපතන, කොටගල ප්‍රාදේශිය සභා වල කැලි කසල ප්‍රතිචක්‍රිකරණය පිලිබදව වර්තමානයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දිමට කටයුතු කරන බවද මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා පැවසීය. එම පලාත් පාලන ආයතන වල පවතින හදුනගත් වෙනත් ගැටළු සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාර කිර්ති කෙන්නකොන් මහතා පලාත් පාලන ආයතන සභාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

    Latest News