ඇමති රාජිතගේ උත්සවයට පැමිණි වෙල්ගම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඉල්ලයි (විඩියෝ)

අගෝ 18, 2019
  • බණ්ඩාරගම රෝහලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කෙරිණ.

    ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද එක්විය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත එය ඉදි කෙරිණ. එහි, හදිසි ප්‍රතිකාර ඒකකයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක්, දන්ත ශල්‍යාගාර සහ ශල්‍යාගාර පහසුකම්වලින් සමන්විතයි. “බස්නාහිර පළාතේ සැමට සුවය සහ රැකවරණය“ සැලැස්වීමේ අරමුණෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා...

    මම ආවට පස්සේ ස්ටෙන්ට් දැම්මේ රජයේ රෝහල්වලට ඇතුලත් වෙන අයගෙන් 2%යි. නමුත් දෙවැනි හෘද සැත්කමක් හැදිලා ආපුවහම කියන්න ඇත්තේ විවෘත හෘද සැත්කමක් සිදුකරන්න ඕනේ කියලා. ඕක තමයි මේ රටේ අපි එන්න කලින් තිබ්බ නිදහස් සෞඛ්‍ය. දැන් කිසිම කෙනෙකුට ඒ තත්වයට පත්වෙන්නේ නැහැ. දැන් පැය 24ම ස්ටෙන්ට් හෘද සැත්කම් සිදු කරනවා“ යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය. 

    කුමාර වෙල්ගම මහතා...

    දැන් අපි ඊයේ ආරම්භ කළා මගේ ගමේ මෝටර් රථයක් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. ඒකට ආරාධනා කළා අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම ආරාධනා කළා මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමාට. එතුමාට එන්න බැරිවුණා. එතුමා කිව්වා එතුමාගේ මල්ලි ජනපති අපේක්ෂකයා වෙලා ඉන්න නිසා විවිධ කාර්යයන් යොදාගෙන තියෙනවා කියලා. අද සමාජ මාධ්‍යවලින් ගහනවා කුමාර වෙල්ගම යුඑන්පියට යනවා කියලා. මොකද මම අගමැතිතුමත් එක්ක එකට හිටපු නිසා. මම ඔය එක එක පැතිවලට යන්නේ නැහැ. මම මැරිලා යන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට. මම ඒක මාධ්‍යවලට කියන්න අවශ්‍යයි. අපිට මොනව කරන්නත් නිදහස අවශ්‍ය වෙනවා. ඒක නිසයි මම කියන්නේ අපේ තේරිම වැරදියි කියලා. මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඊළඟ නායකයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී එමෙන්ම නායකයා සහ ආණ්ඩුව විවේචනය කරන විට තරහ යන්නේ නැතිව වෙනත් වෙනත් මාධ්‍යවලින් මහජනතාවට සහ විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට හිරිහැර කරන කෙනෙක් මේ රටට එන්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ“ යැයි කුමාර වෙල්ගම මහතා පැවසීය.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:58

    Latest News