කුමාර වෙල්ගමට එරෙහි අල්ලස් නඩුව කල්යයි

මැයි 13, 2022

    හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුව ජුනි මස 10 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදුකළේ යැයි ඔහු චෝදනා ලැබ සිටිනවා.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවුණු ලැබුවා.

    එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එය ජුනි මස 10 වනදා කැඳවන ලෙසයි.

    එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර කුමාර වෙල්ගම මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

    ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30 ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News