ගලේවෙල අනතුරකින් 06ක් රෝහලට

අගෝ 18, 2019

    කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙලකනාදන අද (18) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

    මෝටර් රථයක් යතුරුපැදි දෙකක් මෙසේ අනතුරට පත්ව තිබේ. දඹුල්ල දෙසින් අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් බස් නැවතුම් පොලක නැවතී සිටිය පුද්ගලයන් දෙදෙනෙකුද යටකර ඊට මීටර් 100ක් පමණ දුරින් ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මෙන්ම මීටර් පනහක් පමණ දුරකින් නවතාගෙන සිටි යතුරුපැදිකරුවෙකු ද යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පොල් ගහකට දී නැවතී ඇති බව පොලීසිය කියයි. අනතුරත් සමග පොල් ගස ද බිමට කඩා වැටී ඇත.

    එයින් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ප්‍රදේශයෙන් පැය කිහිපයක් දැඩි රථවාහන තදබදයක් පැවතිණි.

    galelwelaaccident1 px 900 1

    අනතුරින් මෝටර් රථයේ පැමිණි තරුණයන් සිව් දෙනෙකු යතුරුපැදි දෙක සිටි පැදි කරුවන් දෙදෙනා සහ බස් රථයට නැගීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු දඹුල්ල රෝහලෙත් සෙසු තුවාලකරුවන් ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබති.

    වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකු මෙම මෝටර් රථයේ ගමන් කොට ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .මෙම පිරිස ඉතා දැඩි කලබලකාරී තත්ත්වයකින් පසුවූ බවත් පොලිසිය කියයි.

    මෝටර් රථයේ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි සිදු කරන මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි ගලේවෙල පොලීසියේ පවසයි.

    Latest News