හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් මිලියන තුනකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහි පැමිණිල්ල ලබන 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුව ජුනි මස 10 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී (5) ඊයේ රාත්‍රියේ රැස්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ රට ගොඩගන්න නම් තරුණ හා පරම්පරාව දේශපාලනයට රැගෙනආ යුතු බව කුමාර වෙල්ගම මහතා පවසයි. වයස 70 ඉක්මවා ගිය මහළු පිරිසට රට පාලනය කිරීමට නොහැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම පිහිටි නිවසට කිසියම් කණ්ඩායමක් හොර රහසේ ඇතුලු වී නිවස පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙන බව අප වාර්තාකරු පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය දිවයිනට පැමිණි පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම සම්බන්ධව තීරණයක් ගන්නා බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සමක නියෝගය සැප්තැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කරයි.

බණ්ඩාරගම රෝහලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කෙරිණ.

ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස ොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම  කළේය.

Latest News