සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් ඇරඹේ

අගෝ 16, 2019

    මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

    එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හී පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5 ක් විසින් සිදු කරනු ලබයි.

    ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතු වලට බාධාවන් නොවන අයුරින් සිදු කරන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    මෙම ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි. මී. 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකරයි.

    ඒ මත මෙම නවීන සුඛෝපභෝගී සැහැල්ලඑු දුම්රිය සේවාව ආරම්භ කරනු ඇත.

    දුම්රිය මාර්ගය දැනට පවතින මහාමාර්ගවල මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කුළුණු මත ඉදිකෙරේ.

    ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම් පොලවල් 16ක් ඉදිකෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගනයක් ද ඉදිකෙරේ.

    Latest News