අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් අධිකරණයෙන් සමාව ඉල්ලීමට අදාල ලිපි ලේඛනවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (13) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ල ලබන 25 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන දෙවැනි පැමිණිල්ල විභාගයට ජනවාරි මස 24 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබා සිටින අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතව තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක ම⁣හින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීම ලබන මස 05 වැනිදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට පණවා තිබෙන සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අද(16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් කෙරුණා.

Latest News