හොර අංක ගැසූ ත්‍රීරෝද රථ 13ක් අත්අඩංගුවට

අගෝ 16, 2019

    දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් සොයාගනු ලැබූ ත්‍රීරෝද රථ 13ක් කළුතර දිසා අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ත්‍රීරෝද රථ හිමිකරුවන්ගෙන් ලද පැමිණිලි අනූව සිදුකළ පරීක්ෂණවල දී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනිණ. මෙම ත්‍රීරෝද රථ අම්පාර,හොරණ,පිළියන්දල,කැස්බෑව යන ප්‍රදේශවලින් සොරාගෙන ඇති අතර ඒවායේ අංක තහඩු වෙනස්කර කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අලෙවිකර ඇති බව මේ වන විට හෙළිව තිබේ. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ටෙලි නාට්‍ය නළුවෙක් බවට හඳුනාගෙන තිබේ.

     

     

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 14:46

    Latest News