හෙරොයින් සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අත්අඩංගුවට

අගෝ 12, 2019

    අද (12) දහවල් ආණමඩුව පුත්තලම මාර්ගයේ ආණමඩුව තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අනුව හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට ආණමඩුව පොලිස් ස්ථානයට බාර දී ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් වු මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන දමයන්ත ඒකනායකයි. සැකකරු අද ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 15:13

    Latest News