අනතුරට ලක්කර සිරුර ලඳු කැළයකට දමා ගොසින් (වීඩියෝ)

අගෝ 12, 2019

    පාපැදියකින් ගමන් කර සිටිමින් පුද්ගලයෙක් වෑන් රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් පසු අනතුරුට ලක්වූ වූ පුද්ගලයා එම වෑන් රථයෙන් රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් ළඳු කැලෑවකට දමා පලා යමින් සිටියදී වෑන් රථය සහ එහි රියදුරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද උදෑසන 5.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක්වූ වූ පුද්ගලයා මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 84 හැවිරිදි දෙදරු පියෙක් වන මාරවිල ලංසිගම ප්රතදේශයේ පදිංචිව සිටි කුඩගම්මනගේ එම්මානුවෙල් ප්රවනාන්දු නැමැති අයයි. කටුනායක ප්‍රදේශයේ සිට හලාවත බලා ගමන් ගත් වෑන් රථය එම දිශාවටම ගමන් ගත් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවීමෙන් පසු අසළ සිටි පිරිස අනතුරු ලක්වූ අය වෑන් රථයට දමා මාරවිල රෝහලට රැගෙන යන ලෙස රියදුරුට ප්රටකාශ කර තිබේ.

    අනතුර සිදුව වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් රෝහල පිහිටි ඇති අතර රියදුරු අනතුරුට පත් අය අනතුරු සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් මහවැව ප්රිදේශයේ හැමිල්ටන් ඇල ආසන්නයේ පිහිටි ළඳු කැලෑවකට පුද්ගලයා දමා පළා ගොස් තිබේ.

    එම වෑන් රථය අනතුර සිදු වූ ස්ථානය පසුකර යමින් සිටියදී ඒ අසළ සිටි පිරිසට සැකසිතී වෑන් රථය පසුපස හඹා ගොස් වෑන් රථය නවතා සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසියට දැන්වීමෙන් පසුව පොලිසිය විසින් වෑන් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    IMG 3816 1

    IMG 3851 1

    IMG 3832 1

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:07

    Latest News