හෙරොයින් ළඟතිබූ 3කට ජාඇල දී මාංචු

නොවැ 20, 2019

    ජාඇල,මාඑළිය ඇවරියවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 180ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ ඊයේ (19) රාත්‍රී 10.40ට පමණ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි ෂෙහාන් හර්ෂන, 21 හැවිරිදි ෂෙහාන් මධුසංක හා 26 මැනිරිචි මදුෂාන් සිල්වා යන අයයි. ඔවුන් ජාඇල ප්‍රදේශයේම පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලීසියට ඉදිරිපත් කර තිබේ.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 08:37

    Latest News