ලාබ නොලබන ආයතන මුදල් සෙවිය යුතුයි....ඇමති වජිර

අගෝ 11, 2019

    රටට මුදල් ගෙන ඒම සඳහා ලියාපදිංචිවී ඇති ලාභ නොලබන ආයතන පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයක් නොතිබීම බරපතල ගැටලුවක් වී ඇතැයි අභ්‍යන්තර හා ස්ව‌දේශ කටයූත සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති දිසාපති සමුළුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ .

    එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

    ''දැනට ශ්‍රී ලංකාවේ ලාභ නොලබන ආයතන සහ සංවිධාන ලෙස ලියාපදිංචිවූ භාර 3000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ සංවිධාන පවත්වාගෙන යන්නේ අපේ රට සිලෝන් ලෙස හැඳිනුවූ කාලයේ සිට පැවත එන අණ පනත් අනුව. මේ අණ පනත් අද කාලයට ගැලපෙන්නේ නැහැ. දැනට තියෙන නීතිය අනුව දිසාපති කාර්යාලයක මෙවැනි භාරයක් ලියාපදිංචි කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි භාර ලියාපදිංචි කරලා විවිධ ආකාරයේ මුදල් රටට ගෙන්වා ගන්නවා. මේ ගැන සොයා බැලීමේ පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. දැනටමත් මෙය රටට ප්‍රශ්නයක් වෙලා. අපේ රටට ආධාර සහ ණය ලබාදෙන සංවිධාන සහ රටවල් මේ ගැන 2012 වර්ෂයේ සිට මෙරට රජයෙන් විමසා තිබෙනවා. නමුත් අපි කිසිම අවස්ථාවක පිළිතුරු ලබාදී නැහැ. රජය මෙයට පිළිතුරු දිය යුතුයි. ඒ වගේම නියාමනයක් සකස් කළ යුතුයි. නැතිනම් අපේ රටට මූල්‍ය ආධාර ලබා ගැනීම පවා ගැටලුවක් වෙනවා. දැනට තිබෙන මූල්‍ය ක්‍රමවේදය සමග මෙරට භාර සම්බන්ධව ඇති නීතිය ගැලපෙන්නේ නැහැ" යැයි ඔහු කියා සිටියේය.

    මේ ගැන අවධානය යොමු කර රජය අවශ්‍ය ලිපිගොනු සකස් කර තිබෙන බව අමාතය වජිර අබේවර්ධන පැවසිය. එබැවින් දිසාපතිවරුන් දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචි ඇති භාර සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය තොරතුරු ලබාගත යුතු බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

    Last modified on ඉරිදා, 11 අගෝස්තු 2019 18:52

    Latest News