එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඉතිහාසයේ කිසිදු රජයක් නොකළ අයුරින් වත්මන් රජය සෑම ඡන්ද කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5,000 ක් බැගින් වෙන්කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහත පවසයි.

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රටට මුදල් ගෙන ඒම සඳහා ලියාපදිංචිවී ඇති ලාභ නොලබන ආයතන පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයක් නොතිබීම බරපතල ගැටලුවක් වී ඇතැයි අභ්‍යන්තර හා ස්ව‌දේශ කටයූත සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රට අකර්මන්‍ය කිරීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ බැවින් එයට ඉඩ නොතබා රාජකාරී ඉටුකළ යුතු යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරණ පක්‍ෂ නායකයන් ගත් තිණයට පිටු පාමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ පරාජය කිරීමෙන් බරපතල ගැටලුවක් ඇතිවි ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Latest News