අයිස් සමඟ දෙදෙනෙක් දැලේ

අගෝ 11, 2019

    ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් මගින් මෙරටට ගෙන ආ “මෙත්ඇම්පිටමින්“ කිලෝ එකයි ග්‍රෑම් 45ක ප්‍රමාණයක් පුද්ගලයෙකු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ අතර මෙම සැකකරු රැගෙන යාමට පැමිණි මහරුප් මෙහොමඩ් වසීම් සහ මෙහොමඩ් නසීර් මොහොමඩ් නමැති පුද්ගලයින් දෙදෙනෙකු ද ඔවුන් සමඟ පැමිණි වෑන් රථය සමඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින හතක රැඳවුම් නියෝගය ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Latest News