දේශපාලන පක්ෂයක් ලෙස ජනමතයට ගරු කිරිමට සූදානම්..... ඇමති වජිර

නොවැ 18, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.

    ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී. අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළේය.

    එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා.......

    “පක්‍ෂයක් හැටියට අපි කල්පනා කරන්නේ වහාම ජනමතයට අපි ගරු කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවලා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබාදිය යුතුව තිබෙනවා. ජනමතයට ගරු කරලා ජනතාවට අවස්ථාව ලැබෙනවා පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගන්න. නායකත්වය පිළිබඳ විවේචනය වෙන්න හේතුවක් නැහැනේ. අපි වෙනත් අපේක්‍ෂකයෙකු තෝරා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බෞද්ධ ඡන්ද ලබාගන්නවාට වඩා සුදුසු කෙනෙකු ඉදිරිපත් කිරීම සඳහා “ යැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

    රන්ජන් රාමනායක මහතා....
    අද සාකච්ජාවේදී අගමැතිතුමා කිව්වා මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ සාකච්ජා කරලා හරි තීන්දුවකට එනවා කියලා. අපි මැතිවරණයකට යන්න කැමතියි“ යැයි රන්ජන් රාමනායක මහතා පැවසීය.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:32

    Latest News