ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

නොවැ 18, 2018

    පාර්ලිමේන්තුව නියේජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පැවැත්වේ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේ දී. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්වය අවසන් කර, පාර්ලිමේන්තු කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණෙන් ජනාධිපතිතුමා හමුව කැඳවා තිබේ.

    ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට සහභාගීවීමටයි, ආරාධනා කර ඇත්තේ. කතානායක කරූ ජයසූරිය මහතාට ද හමුව සඳහා ආරාධනා කර තිබෙන බවයි, ජනාධිපති අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on ඉරිදා, 18 නොවැම්බර් 2018 09:36

    Latest News