අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ජූලි 11, 2022

    රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 02.00ට ආරම්භවීමට නියමිතයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (ජුලි 13) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා වෙත දැනුම්දී තිබේ.

    Latest News