කටහඬින් ඡන්දය ගත හැකියි - එජාප කියයි

නොවැ 17, 2018

    විශ්වාසභංග යෝජනාව හමුවේ කථානායකවරයා නියමානුකූලව ක්‍රියා කර ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඅැල් මහතා..

    එදා හැන්දෑවේ පහට උසාවියේ තීන්දුව දුන්නා. එතකොට පාර්ලිමේන්තුව විසුරුවා හරින එක නැවැත්තුවා. දැන් ඒක හදිසි අවස්ථාවක්. පහුවදා පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනේ ඒක තමයි අපි කිව්වේ. කතානායකතුමාට තේරෙනවනම් යෝජනාවට පැහැදිලි බහුතරයක් තියෙනවා කියලා, ආයිත් ඇවිත් කියලා කටහඬින් කතානායකතුමාට ඒක කතානායකතුමාගේ තීරණය. ඒක තමයි අවසන් තීරණය. ඒක කොහෙවත් අභියෝගයට ලක්කරන්න බැහැ.

    අපිට මැතිවරණයක් ආවොත් එයට අවශ්‍ය සම්පත්, තුරුම්පු, එතුමාගේ භාෂාවෙන් තුරුම්පු , එහෙම නැත්නම් අපිට ඉන්නවා හොඳම අශ්වයෝ අපිගාව ඉන්නවා. ඒ නිසා අපි භය නැහැ මැතිවරණවලට ඒ වගේම අපේ නායකයෝ ළඟ තමයි හොඳම උපාය, උපක්‍රම තියෙන්නේ. වෙන කාගාවත් නැහැ උපාය උපක්‍රම.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 18 නොවැම්බර් 2018 10:20

    Latest News