රාවුල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

අප්‍රේ 17, 2021

    කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රාවුල් කැස්ත්‍රෝ ඊයේ ප්‍රකාශ කළේය.

    කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඔහු කියා සිටියේ, පක්ෂ නායකත්වය තරුණ පරම්පරාවට බාරදීමට තමා සූදානම් බවයි.

    කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ සොහොයුරා වූ රාවුල් කැස්ත්‍රෝ 89 හැවිරිදි වියේ පසු වෙයි. ඔහුගේ මෙම තීරණයත් සමග 1959 සිට දශක 6කට ආසන්න කාලයක්, කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය, වෙනත් පාර්ශවයකට හිමි වනු ඇති.

    දින 4ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්වීමේ දී ඡන්ද විමසීමකින් නව නායකයා තෝරා ගැනීමට නියමිතයි.

    පක්ෂ සංවිධානයේ ඉහළ ස්ථානයක රැඳී සිටීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. විප්ලවවාදී සටන්කරුවෙක් ලෙස තවදුරටත් කටයුතු කරන බවයි රාවුල් කැස්ත්‍රෝ පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 12:45

    Latest News