අද රෑ 9 සිට හැටන් - කොළඹ ධාවනය සීමා වෙයි

ජූලි 27, 2019

    යටියන්තොට,කබුලුමුල්ල දේවාලයේ මහ පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

    පෙරහැර රාත්‍රී 9.00 සිට හැටන් - කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට ගමන් කර කරවනැල්ල නගරයෙන් වටරවුම ඔස්සේ නැවත දේවාලය වෙත කිලෝමීටර 6ක දුරක් ගමන් කිරීමට නියමිතයි.

    එබැවින් විකල්ප මාර්ග ලෙස කොළඹ සිට හැටන් දෙසට කරවනැල්ල,රුවන්වැල්ල,අගුරුවැල්ල හරහා ගල්පාත මාර්ගයෙන් ගමන්කර ගොමාඩුව මාර්ගයෙන් හැටන් මාර්ගයට පිවිසිය හැකියි.
    එමෙන්ම, හැටන් සිට කොළඹ දෙසට යටියන්තොට පොලිස් ස්ථානය ඉදිරිපිට පරණ දුම්රිය මාර්ගය හා මාගම්මන මාර්ගයේ ගමන් කර නැවත කොළඹ මාර්ගයට පිවිසිය හැකියි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 10:45

    Latest News