බඩඉරිඟු මිලදී ගැනීම 5කින් ඉහළට

ජූලි 21, 2019

    දේශීය බඩ ඉරිඟු ගොවියා සරු කිරීම උදෙසා දැනට බඩ ඉරිඟු බඩඉරිඟු කිලෝවක ගැනුම් මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අනුරාධපුර, තන්තිරිමලය, බෝගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා....

    "අපි දැන් මේ සැරේ බඩ ඉරිඟු වගාවට අතහිත දීලා තියෙනවා අපි දැන් බඩ ඉරිඟු වගා කරන අයට ලක්ෂයක් වියදම් වුනොත් හැටදාහක් නිකන් දෙන්න ලෑස්තියි.ඒ වගේ පවුල් තුන්දාහක් තෝරගෙන තියෙනවා. බඩ ඉරිඟු පිටරටින් ගේන එකත් අපි නවත්තන්න තමයි උත්සාහ කරන්නේ.

    බඩ ඉරිඟු වලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා.. දැන් ගොවීන්ගෙන් ලබා ගන්නා බඩ ඉරිඟු මිල 45 යි.. මම ඒක රුපියල් 50 දක්වා වැඩි කරනවා."

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 14:47

    Latest News