කහ සහ බඩඉරිගු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න - ජනපති (වීඩියෝ)

දෙසැ 28, 2020
  • ගොවීන්ගෙන් කහ බඩ ඉරගු ඇතුළුව අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂය භාර රාජ්‍ය මාධ්‍ය වරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    එමෙන්ම මද්‍යසාර සහ එතනෝල් නිශ්පාදනයට බඩ ඉරිඟු භාවිත කිරීම සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. දේශීය ගොවීන් ජනාධිපති තුමාගේ ඉල්ලීම පරිදි කහ සහ බඩ ඉරිඟු ඉතා සාර්ථකව මෙවර වගා කර තිබෙනවා.

    එම අස්වනු නෙලීමට මේ වන විට ආසන්නවයි පවතින්නේ. එබැවින් සියලු ගොවීන්ට සාධාරණ මිලක් ලැබිය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. තොග රැස්කිරීමේදී වෙළඳුන් සිදුකරන අක්‍රමිකතා නතර කිරීමට රජය මැදිහත් වීමක් සිදුකළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

    Latest News