උපාධිධාරීන් 16,000කට මේ මස පත්වීම්

ජූලි 21, 2019

    උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්විම් ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍යය කබිර් හෂිම් මහතා පවසයි.

    අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ රු මිලියන 319.8 ක ප්‍රතිපාදන යටතේ හැටන් ෂැනන් සිට වැලිඔය හරහා වටවල දක්වා කිලෝමිටර 10 දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමෙන් අනතුරුව අද (21) ජනතා අයිතියට පත් කිරිමට එක්වෙමින්. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2015 වසරේ වත්මන් රජය බලයට පත්වීමේ දී විශාල ණය බරක්, කුණු කන්දක් , සයිටම් ගැටළුව , ජාතින් අතර අසමගිය , ඇතුළු ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ රට භාරගත් බවයි.

    වසර 4 ක් ජාතික ආණ්ඩුවක් යටතේ රට පාලනය කල බවත්, ගත වු මාස 6 කාලය තුල එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වත්මන් රජය පවත්වාගෙන යන බව ද අමාත්‍යයවරයා පැවසීය. කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා ද සහභාගී විය.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 18:24

    Latest News