මහකන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.

හම්බන්තොට, මීගස්ආර සහ බෙලියත්ත ප්‍රදේශ තුළ කුඩාබිබුල,රළුව,කෙන්ගල්ල ගම්මානවල ගොවීන් ආරක්ෂිත ගෘහතුල ගර්කින් වගාව සාර්ථකව සිදුකරනු ලබයි. එහෙත් ගර්කින් අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවයි ගොවීන් පවසන්නේ.

ආනයනික බී ලූණු සඳහා බදු ඉහළ දැමීම හේතුවෙන් දේශීය බී ලූනු සඳහා මිලක් ලැබී තිබේ. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී බී ලූනු කිලෝවක් සඳහා රුපියල් 105ත් 110ත් අතර ඉහළ මිලක් ලැබෙන බවයි, ගොවීන් පවසන්නේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත්, ඒ අනුව සංශෝධිත මිලට අදාළව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

දේශීය බඩ ඉරිඟු ගොවියා සරු කිරීම උදෙසා දැනට බඩ ඉරිඟු බඩඉරිඟු කිලෝවක ගැනුම් මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අනුරාධපුර, තන්තිරිමලය, බෝගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Latest News