කුවේටයේ පීඩාවිඳි කතුන් 30ක් යළි දිවයිනට

ජූලි 21, 2019

    කුවේට් පොලිස් රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියේය.

    මෙම පිරිස අතරින් බොහෝ පිරිසක් තම මුදලින් එරට නේවාසිකාගාර මිලදී ගෙන, එහි නැවතී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිට ඇති බවට වාර්තා වෙයි. එහෙත් සංවිධානාත්මක පිරිසක් විසින් ඔවුන්ගේ මුදල්,රන්භාණ්ඩ ආදිය පැහැරගෙන ගොස් තිබේ. 

    ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින්, වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත් වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් තිබේ. පසුව කුවේට් පොලීසිය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් වී පසුව මෙම ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකාවට එවා තිබේ.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 09:37

    Latest News