පාස්කු ප්‍රහාරයට මාස 3යි...කටුවාපිටිය දෙව්මැදුර අද විවෘතයි....

ජූලි 21, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම අද උදෑසන කෙරිණ.

    ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

    අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගය ආරම්භ කෙරුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් දානමය පුණ්‍ය කර්මයක් ද සිදු කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 09:25

    Latest News