මහරෑ රත්ගම රත්කරමින් වෙඩි තැබීමක්

ජූලි 21, 2019

    රත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ ඊයේ රාත්‍රී 9.00 පමණ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්ගම - දැල්කඩ මාර්ගයේ වඩුමඩුව හන්දිය ප්‍රදේශයේදී. යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පිටුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබේ.

    වෙඩි වැදුණු පුද්ගලයා ද නොනවත්වා යතුරුපැදිය ධාවනය කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට හා රත්ගම පොලීසියට මේ පිළිබඳව දැනුම් දෙනු ලැබීය. අනතුරුව, පොලිස් නිළධාරීන් පැමිණ තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල,කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර ඔහු මියගොස් ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ. මියගොස් ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 09:50

    Latest News