කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේ කොළඹ ,මරදාන ප්රදේශයේ පදිංචි ජයසූරියආරච්චිගේ ප්රසන්න කුමාර නමැති විසිපස් හැවිරිදි අවිවාහක තරුණියෙකුටයි.
2016 වසරේ ජුනි මස 6 වන දා කොළඹ උතුර පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් මරදාන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණ. ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තියට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී ඇති බව කියා සිටියේය. ඒ අනුව විනිසුරුවරයා විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.