මාධ්‍යම කඳුකරයේ වැසි: ලක්ෂපාන වාන් දොරටු 2ක් විවරයි

ජූලි 18, 2019

    කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් දෙකක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපධා කළමනාකරණ මාධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (18) උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

    නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබු බව අප වාර්තාකරු පවසයි. ප්‍රධාන නගරය ජලයෙන් යටවිමෙන් වෙළදසැල් කිහිපයක්ද ජලයෙන් යටවි වෙළදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත්ව සිටිහ. වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 15:01

    Latest News