මොරගහකන්දට දායාද කැපවූවන් වෙනුවෙන් ජනපතිගෙන් ඇගයීම් (වීඩියෝ)

ජූලි 08, 2019

    මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතිය දායාද කිරීමට කැපවූවන් අගය කරමින් ප්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප්‍රදානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයේන අද සිදු කෙරේ.

    ඒ මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී. මොරගහකන්ද - කළුගඟ සංවර්ධනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන්. 2007 වර්ෂයේ ආරම්භ කෙරුණු එහි ප්‍රධාන අරමුණ වූයේ උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජනතාවට පානීය ජලය ලබාදී එම පළාත්වල සියලු කුඹුරු ඉඩම් යල - මහ අස්වැද්දීමට අවශ්‍ය වාරි ජලය සැපයීමටයි. වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් වැව් 303කට ජලය සැපයෙනවා.

    උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇලහැර උප ව්‍යාපෘතිය යටතේ, නච්චදූව වැව දක්වා කිලෝමීටර් 94 ඇළක් ඉදිවෙනවා. ඉන් අනුරාධපුර දිස්ත්‍රික්යේ ප්‍රධාන වැව් මෙන්ම මධ්‍යම හා කුඩා වැව් 1600කට දියවර සැපයීම විශේෂත්වයක්. මේ යටතේ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල හා කන්තලේ යන මහවැව් ද පෝෂණය කෙරේ. මොරගහකන්ද ජලය කන්තලේ ව්‍යාපාරයේ වගාකටයුතු සඳහා මුදාහැරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

     

     

    Last modified on සදුදා, 08 ජූලි 2019 19:48

    Latest News