හාල් මිලට ගැලපෙන්න වී මිළත් ඉහළට

ජූලි 01, 2019

    මෙවර යල කණ්නයේ සිටම වී මිළ ඉහළ දැමිමට තමන් කළ යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකළ බව අමාත්‍ය පි.හැරිසන් මහතා මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹන උත්සවයට එක්වෙමින් පැවසීය.

    පවතින හාල් මිලට සාපේක්ෂව වී මිලෙහි වැඩි වීමක් සිදු විය යුතු බව තමාද පිළිගන්නා බවත් ඉදිරියේ සිට කන්නයෙන් කන්නයට වී මිළ ඉහළ දැමිමට තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    දැනට වී වගාව සදහා ගොවීන් විසින් යොදවන රසායණික ද්‍රව්‍ය මෙන්ම උපකරණ කුලියද පදනම් කරගෙන සුත‍්‍රයක් අනූව හාල් මිලට ගැලපෙන පරිදි වී මිළ ඉහළ දැමිමක් සිදු කරන බව තව දුරටත් පැවසීය. ඉදිරියේ දී ගොවි සංවිධාන මට්ටමින් ගොයම් කැපීමේ යන්ත‍්‍ර සහ සී සෑමේ ට‍්‍රැක්ටර් රථ ලබාදීම සඳහා විදේශය සමග සාකච්ඡා අරඹා ඇති බවත් ඒවා සාර්ථක මට්ටමේ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    දේශිය පරික්ෂණවලට භාජනය කර කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් නිෂ්පාදිත වී ප‍්‍රභේද හදුන්වා දිමේ දී වියලි කළාපයට සුදුසු මාස දෙකහමාරකින් අස්වැන්න නෙලා ගත හැකි ප‍්‍රභේද සදහා ගොවීන් යොමු කිරීමට කටයුතු සිදු කරන බවත්, වී වේලීම සදහා යන්ත‍්‍රද ගොවි සංවිධාන මට්ටමින් ලබා දෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේ ය.

    ප‍්‍රමිතියකින් යුක්ත ලොකු ලූණු කිලෝවක් සදහා රුපියල් 80 ක සහතික මිලක් ඉදිරියේ දී හදුන්වා දෙන බවත් ඒ සදහා අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ගොවීන් ඉදිරියේ ප‍්‍රකාශ කළේ ය. ඉන් දේශිය ලොකු ලූණු ගොවියා ආරක්ෂා කර ගැනීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනූව ඉදිරියේදි සහතික මිලට අස්වැන්න මිලදී නොගන්නා වෙළදුන් හට නීතියානුකුලව කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේ ය.

    මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණය සදහා වාරිමාර්ග අමාත්‍යාංශය රුපියල් මිලියන 223ක මුදලක් දරණ අතර ප‍්‍රතිසංස්කරණය කිරීමත් සමග වැවෙහි ධාරිතාවය අක්කර අඩි 200ක් වන බවත් වැව යටතේ නව කුඹුරු අක්කර 100යක් ඉදිකිරීමට අපේක්ෂිතය. එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඇරඹිණ.

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් දෙදහසේ සිට පන්දහස දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනා ක්‍රියාත්මක වෙයි. මෙතෙක් එම දීමනාව හිමිවූ තිස් දෙදහසකට අමතරව පොරොත්තු ලේඛනයේ රැඳී සිටි පුද්ගලයන් ද ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් හැත්තෑ දෙදහසකට මෙම දිමනාව හිමිවෙයි. ඊට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 4350ක්.
    නිධන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින විසි එක්දහසටක අධික පිරිසකට රජය රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදෙයි. තවත් පන්දහසකට එම දීමනාව ලබාදෙනු ඇති. ඒ වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1840ක්.

    Last modified on සදුදා, 01 ජූලි 2019 10:51

    Latest News