බස්නාහිර නි.පොලිස්පති ඇතුළු 22කට ස්ථාන මාරුවීම්

ජූනි 22, 2019

    ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවයන් මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ඊයේ (21) දින සිට ස්ථාන මාරුවිම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරින් 22කට මෙලෙස ස්ථාන මාරුවිම් ලබාදී තිබේ.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වයඹ පළාතට මාරුකර යවා ඇති අතර වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

    1

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 11:40

    Latest News