දුම්රිය වර්ජනය අද මැදියමෙන් අවසන් (වීඩියෝ)

ජූනි 22, 2019

    දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

    දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ හෙට සිට රාජකාරීවලට පැමිණෙන ලෙස සියළු දෙනා දැනුවත් කර ඇති බවයි. රජය සිය ගැටලුවලට නිසි විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේ දී යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට බලාපොරොත්තු වන බවයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 22:27

    Latest News