කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

ජූනි 22, 2019

     අද (22) දිනයේ පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

     ඒ අනූව පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා  ජල සැපයුම අත්හිටුවේ.

    දෙහිවල - ගල්කිස්ස,කෝට්ටේ,කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ මහරගම,බොරලැස්ගමුව,කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට හා රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේ.

    අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීම් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හා ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 08:28

    Latest News