මොරගහහේනේ යතුරුපැදි කොල්ලකරු පයාගලදී මාංචු

ජූනි 19, 2019

    පසුගියදා මොරගහහේන පොලිස් වසමේ දී ගිනි අවියක් පෙන්වා, රුපියල් දෙලක්ෂ දස දහසක් වටිනා යතුරු පැදියක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු පයාගල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයෙන් පසුව සැකකරු සන්තකව තිබූ මෙරට නිෂ්පාදිත රිවෝල්වල එකක්, නයින්.එම්.එම්.ජීව උණ්ඩ 4ක් හා කොල්ල කන ලද යතුරු පැදිය සොයා ගැනිණ.

    මෙම සැකකරු මරණ දඩුවම නියමවී, වසර 19ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිටි අයෙක්. අභියාචනා කිරීමෙන් පසු මීට මාස 3කට පෙර නිදහස්ව පැමිණි එම සැකකරුට විරුද්ධව කොල්ලකෑම් සහ මිනී මැරුම් කිහිපයකට සම්බන්ධ බවට අධිකරණයෙන් නඩු විභාග වෙමින් පවතියි. සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 19 ජූනි 2019 12:15

    Latest News