පිටරට දම්වැල් කියතට ලංකාව තහනම්

ජූනි 19, 2019

    වන විනාශය වැළැක්වීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල්ල කියත් ආනයනය තහනම් කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    දිවයිනේ වනගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් වන අතර 2030 වර්ෂය වන විට එම ප්‍රමාණය 32% දක්වා ඉහළ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්වලට අදාළ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. අනවසර දැව හෙළීම වනාන්තර විශාල වීම සඳහා ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන ඇති අතර, මෙම වන විනාශය සඳහා පහසුවෙන් ගෙන යා හැකි යාන්ත්‍රික දම්වැල් කියත් විශාල වශයෙන් භාවිත කරන බව නිරීක්ෂණය වී තිබේ.

    ඒ අනූව, මේ වන විට යාන්ත්‍රික දම්වැල් කියත් 82,000කට වඩා වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කරනු ලැබ ඇති බැවින් වන විනාශය වැළැක්වීමේ හා වනගහණය ඉහළ නැංවීමේ අරමුණින් යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණ.

     

     

    Last modified on බදාදා, 19 ජූනි 2019 10:25

    Latest News