එජාප අපේක්ෂකයා එළියට දාන්න හදිස්සි වෙන්න එපා..

ජූනි 18, 2019
    ජනාධිපතිවරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බැවින් අපේක්‍ෂකයා පිළිබඳ නම් ප‍්‍රකාශ කිරීමට හදිසි නොවන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ප‍්‍රකාශ කර තිබේ.
    ඊයේ (17) රාතී‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
    මෙම සාකච්ඡාවෙන් පසු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ "අගමැතිතුමා දුන්න අවවාදය තමයි 'ජනාධිපති අපේක්ෂක හොයන වේලාව නෙමෙයි මේක. 2015 ජනවාරි 08 වැනිදා දීපු පොරොන්දුව ඉටු කරන වේලාව.. යම් අතපසුවීමක් සිද්ධ වුණා බෝම්බ සිද්ධිය නිසා.. දැන් වැඩ කරලා ඒ ඉලක්ක සම්පූර්ණ කරන්න..ඊට පස්සේ අපි ජනාධිපතිවරණය ගැන කථා කරමු' කියලා. ඒ වාගෙම අමාත්‍ය මණ්ඩල හමුව සුපුරුදු ලෙස පැවැත්වෙනවා. තේරිම් කාරක සභාව" 
    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 07:48

    Latest News